
අන්තර්ජාතික වෙළඳ නාමය
සන්ක්වික් රසවත් පානය උසස් තත්ත්වයේ පළතුරු යුෂ වලින් සාදා ඇත. එහි විටමින් සී අඩංගු වන අතර කෘතිම රසකාරක, වර්ණක හෝ වෙනත් රසගන්වන දෑ අඩංගු නොවේ.
1966 දී සන්ක්වික් සාන්ද්‍රණය දියත් කළ දිනයේ සිට, අපි පුළුල් කිරීමේ සම්ප්රදායක් ක්‍රමයෙන් වර්ධනය කරගෙන ඇති අතර අපගේ වෙළඳ නාමය බොහෝ නව වෙළඳපළවල ස්ථාපිත කර ඇත්තෙමු. අද වනවිට අපි සාන්ද්‍රණය, බීමට සූදානම් (ආර්ටීඩී) සහ අයිස් ලොලීස් ඇතුළත් ආයෝජන කළඹකින් සමන්විතව මහාද්වීප පහක වූ රටවල් 70 කට වැඩි ගණනක ස්ථාපිතව සිටින්නෙමු.




අපේ උරුමය
ජෙප් සහ ෆ්ලෙමින් පීටර්සන් සහෝදරයන් 1960 ගණන්වලදී ඔවුන්ගේ සුවිශේෂී සන්ක්වික් දොඩම් සාන්ද්‍රණය වැඩි දියුණු කර දියත් කළහ. නවෝත්පාදක අදහස් ඇති සහෝදරයන් සැබෑ දොඩම් යුෂ සාන්ද්‍රණය කිරීමෙන් සුවිශේෂී රසවත් පානයක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කය සපුරා ගත්හ. සන්ක්වික් පානය සැබෑ දොඩම් යුෂ මෙන් පෙනුමෙන් හා රසයෙන් යුක්ත වන අතරම ප්‍රීතිමත් අවස්ථාවන් බෙදාහදා ගැනීම ආශ්‍රිතව පවුලේ පානයක් ලෙස ඉක්මනින් ප්‍රසිද්ධියට පත් විය.


සන්ක්වික් යනු ප්‍රීතියෙන් හා එකට සිටීමයි
ප්‍රීතිය යනු විවිධ පුද්ගලයින්ට වෙනස් දේවල් - රසයක්, හැඟීමක්, මතකයක්, මොහොතක් ය. සන්ක්වික් හිදී අපි විශ්වාස කරන්නේ ජීවිතය ප්‍රීතියෙන් පිරී තිබිය යුතු අතරම ඔබ නිවසේ සිටියත්, යන අතරමග සිටියත්, මිතුරන් හා පවුලේ අය සමඟ සිටියත් විශේෂ සහ එදිනෙදා අවස්ථාවන්හිදී ප්‍රීතිය බෙදා ගත යුතු බවයි.
සන්ක්වික් රසවත් පානය ගත් කල, වැදගත් වන්නේ ඉස්ම සහිත, ප්‍රබෝධමත් සහ ප්‍රීතිමත් රසයක් සහිත නැවුම් පානයක් අන්‍යයන් අතර බෙදාහදා ගැනීමයි. එය සොබාදහමෙන් ආනුභාව ලත් දොඩම් සහ විවිධ රසයන්ගෙන් යුත් පානයකි. වර්තමාන නූතන ලෝකයේදී වෙහෙස නිවා ගැනීමට සන්ක්වික් නැවුම් පානයන් ඔබට උපකාරී වේ. එකමුතුකම බෙදා ගැනීමට සහ මොහොත බෙදා ගැනීමට කදිම පානයයි.